ශ්‍රී ලංකන් ගුවන් සේවයට එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේදී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සහ මුදල් විශුද්ධිකරණ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇප මත මුදාහැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (30) නියෝග කළා.
ඒ අනුව රුපියල් ලක්ෂ 5ක මුදල් ඇපයක් සහ රුපියල් මිලියන 100 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහු මුදාහැරීමට නියෝග කර තිබෙනවා.
එමෙන්ම නාමල් රාජපක්ෂ මහතාට විදෙස් ගමන් තහනමක් පනවා ඇති අතර, එම නියෝගය ආගමන හා විගමන පාලකවරයා වෙත දැනුම් දෙන ලෙස අධිකරණ රෙජිස්ට්රාර්වරයාට නියම කර තිබෙනවා.
එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව පවතින නඩුවේ විමර්ශන සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලබාගැනීම ඇතුළු කරුණු පිළිබඳව මීට පෙර අධිකරණයේදී කරුණු ඉදිරිපත් කර තිබුණා.
















