“පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” තේමාව යටතේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචි ගොවි ජනපදිකයින් 800 දෙනෙකු සඳහා ඉඩම් හිමිකම් බලපත්‍ර ප්රදානය කිරීම අද (30) සිදුකර තිබෙනවා.
ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ මහවැලි අධිකාරියේ වලව විශේෂ බලප්‍රදේශය එක්ව මෙම වැඩසටහන සංවිධානය කර තිබෙනවා.
චන්ද්‍රිකාවැව කොට්ඨාසය ඇතුළු ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ග්‍රාම නිලධාරී වසම් 10ක පදිංචිකරුවන්ට මෙලෙස ඉඩම් හිමිකම් බලපත්‍ර ලබාදී ඇති අතර, ඔවුන් මෙතෙක් සංවර්ධනය කර භුක්ති විඳි ඉඩම් සඳහා නීත්‍යානුකූල හිමිකමක් හිමිව තිබෙනවා.
ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වූ මෙම අවස්ථාවට දේශපාලන නියෝජිතයින් සහ රාජ්‍ය නිලධාරීන් රැසක් ද එක්ව සිටියා.
















