වසර 40ක පමණ කාලයක් සංවර්ධනය නොවූ මැදිරිගිරිය ගෝමරන්කන්ද වැවේ සංවර්ධන කටයුතු ආරම්භ කර තිබෙනවා.
රුපියල් ලක්ෂ 40ක වියදමින් සිදුකෙරෙන මෙම සංවර්ධන ව්‍යාපෘතිය මගින් කුඹුරු අක්කර 4,000කට පමණ ජලය සැපයීමට හැකි වන බව සඳහන්.
මැදිරිගිරිය ප්‍රාදේශීය සභාවේ සභාපති අමල් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් වැවේ සංවර්ධන කටයුතු ආරම්භ කර තිබෙනවා.
ප්‍රදේශයේ ගොවි ජනතාව සඳහන් කර ඇත්තේ පසුගිය රජයන් සමයේදීද වැව පිළිසකර කර දෙන ලෙස ඉල්ලීම් කළද එය ඉටු නොවූ බවයි.
මෙම සංවර්ධන කටයුතු හරහා ප්‍රදේශයේ ගොවි පවුල් රැසකට ප්‍රතිලාභ සැලසෙනු ඇති බව සඳහන්.
















