නීතියේ ආධිපත්‍යය පිහිටුවීම සහ හිටපු දේශපාලන අපරාධකරුවන්ට දඬුවම් දීම වෙනුවෙන් රජයට ජනවරමක් ලැබී ඇති බව නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර ප්‍රකාශ කරයි. අද (30) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කළේ රටේ හිටපු දේශපාලන අපරාධකරුවන්ට, මනුෂ්‍ය ඝාතන සිදුකළ අයට සහ රට බංකොළොත් කළ පුද්ගලයන්ට නීත්‍යානුකූලව අනිවාර්යයෙන්ම දඬුවම් ලැබෙන බවයි.
ශිරන්ති රාජපක්ෂ මෙනවියට ද නීත්‍යානුකූලව පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙස දැනුම් දී ඇති පසුබිමක ඇය ප්‍රතිකාර සඳහා විදේශගතව සිටින බවත්, ගිය ආකාරයටම ඇය යළි පැමිණිය යුතු බවත් එසේ නොපැමිණියහොත් රටේ නීතිමය ආයතන නිසිපරිදි ක්‍රියාත්මක වනු ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
















