පාසල්වල භෞතික සම්පත් හිඟය පිළිබඳ පාර්ලිමේන්තු අනුකාරක සභාව මන්ත්‍රී සමන්මලි ගුණසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් රැස්වී අධ්‍යාපන අමාත්‍යාංශයේ ලෝක බැංකු ආධාර ලබන ජනතා අධ්‍යාපන නවීකරණ වැඩසටහනේ (GEM) ප්‍රගතිය සමාලෝචනය කර තිබේ. මෙම ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක වන පාසල් සංවර්ධන කටයුතු පිළිබඳව අමාත්‍යාංශ නිලධාරීන් විසින් කමිටුව දැනුවත් කර ඇති අතර, ව්‍යාපෘතියේ කටයුතු කඩිනම් කරන ලෙසට ද නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.
විශේෂයෙන්ම පාසල්වල සනීපාරක්ෂක හා පානීය ජල අවශ්‍යතා සපුරාලීම, පානීය ජලයේ ගුණාත්මකභාවය සහ ආරක්ෂාව තහවුරු කිරීම මෙන්ම පාසල් සඳහා දුරකථන පහසුකම් සැපයීම සහ ආදර්ශ ප්‍රාථමික පාසල් පිහිටුවීම යන වැඩසටහන් මෙහිදී පුළුල් ලෙස සමාලෝචනයට ලක් කර තිබේ.
















