ප්රජාතන්ත්රවාදී ක්‍රමවේදය ශක්තිමත් කරමින්, ප්රජාතන්ත්රවාදය විනාශ කරන ගමන අනිවාර්යයෙන්ම පරාජය කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි. බිම් මට්ටමේ නිර්මාණය කරන ප්රජාතන්ත්රවාදී මණ්ඩප හරහා ඒකාධිපති ආණ්ඩුවට ප්රජාතන්ත්රවාදී ජනතා කේන්ද්‍රීය බලපෑමක් සිදු කර ප්රජාතන්ත්රවාදය සුරක්ෂිත කිරීම සඳහා අත්වැල් බැඳගන්නා ලෙස ඔහු සියලු දෙනාට ආරාධනා කර සිටී.
සමගි නීතිඥ සංගමය හරහා පොදුජන ප්‍රජාවට සහ නීති උපදෙස් ලබා ගැනීමට හරිහමන් හැකියාවක් නොමැති අසරණ ජනතාවට නොමිලේ නීති උපදෙස් ලබා දී ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරගැනීමේ ජංගම සේවා ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට අදහස් කරන බවද විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.















