රුසියානු ප්‍රදේශයක් වන කලිනින්ග්‍රෑඩ් (Kaliningrad) කලාපය හුදකලා කිරීමට නේටෝ සංවිධානය උත්සාහ කළහොත් න්‍යෂ්ටික අවි භාවිතා කිරීමට සූදානම් බව රුසියාව අනතුරු ඇඟවීමක් කර තිබේ. නේටෝ සංවිධානය වෙත යැවූ රහසිගත රාජ්‍ය තාන්ත්‍රික ලේඛනයක් හරහා මොස්කව් රජය මෙම දැඩි අනතුරු ඇඟවීම සිදු කර ඇති අතර, එය සෘජු සන්නද්ධ ගැටුමකට මුලපිරීමක් විය හැකි බවට චෝදනා කර ඇත.
රුසියාවේ මෙම න්‍යෂ්ටික තර්ජනයට ප්‍රතිචාර දක්වමින් නේටෝ මහලේකම් මාර්ක් රුටේ (Mark Rutte) ප්‍රකාශ කළේ තමන් ආරක්ෂක සන්ධානයක් වන බවත්, න්‍යෂ්ටික තර්ජන වහාම නවත්වන ලෙස රුසියාවට දැනුම් දී ඇති බවත්ය. කෙසේ වෙතත්, යුරෝපය තුළ හයිබ්‍රඩ් යුද්ධයක් (Hybrid War) ක්‍රියාත්මක වන බවට යුරෝපීය ආරක්ෂක නිලධාරීන් පවසන අතර, සීතල යුද්ධයෙන් පසු රුසියාව මෙවැනි තර්ජනයක් එල්ල කළ ප්‍රථම අවස්ථාව මෙය බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කර තිබේ.
















