දුන්ගල්පිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත 2026 සැප්තැම්බර් 30 වැනිදා උදෑසන දුන්ගල්පිටිය පොලිස් වසමේ පිටිපන ප්‍රදේශයේදී වැටලීමක් සිදුකර තිබේ.
එහිදී නිවසක් පරීක්ෂා කිරීමේදී නීති විරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද බවට සැක කෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් 442යි ග්‍රෑම් 400ක් අඩංගු උර 12ක් පොලිස් භාරයට ගෙන ඇත.
වැටලීම සිදුකරන අවස්ථාවේ සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා දුන්ගල්පිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
අපගේ සියලුම සමාජ මාධ්‍ය නාලිකා Follow කර, YouTube සහ WhatsApp Channel වෙත Subscribe වන්න.
TTVNews.lk— සිදුවූ සැණින්, ඔබ වෙත.
















