යුද, නාවික සහ ගුවන් හමුදාවලට අයත් නිත්‍ය බල සේනාවන්හි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 57 දෙනෙකු වෙනුවෙන් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කිරීමේ අවස්ථාවට අද (30) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී එක්වීමි.
සිය සේවා කාලය තුළ රට සහ ජනතාව වෙනුවෙන් ඔවුන් සියලු දෙනා ඉටු කළ විශිෂ්ට සේවය අගය කරමින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කමින් පිදුම් ලැබූ සියලු නිලධරයන් වෙත ශුභාශිංසන එක් කළෙමි.
එසේම, සිය රාජකාරී ඉටු කිරීමේදී ඔවුන් දැක්වූ වගකීමට; වගවීම, ස්වයං විනය සහ ඉහළ වෘත්තීයභාවය, මෙරට රාජ්‍ය සේවය, යළි ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා වැදගත් මඟසලකුණක් වනු ඇති බවද සඳහන් කළෙමි.
















