20 වන ආසියානු ක්රීඩා උළෙලේ ක්රිකට් රන් පදක්කම සඳහා වන අවසන් මහා තරගයට ඉන්දීය කණ්ඩායම සුදුසුකම් ලබා තිබෙනවා.
ඒ, දෙවන අවසන් පූර්ව තරගයේදී ශ්රී ලංකා කණ්ඩායම ලකුණු 124කින් පරාජයට පත් කරමින්.
පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 169ක් රැස් කළා.
ලකුණු 170ක ජයග්රාහී ඉලක්කයක් හඹා ගිය ශ්රී ලංකා කණ්ඩායමට පන්දුවාර 9.5කදී සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 45ක් පමණයි.
















