මස්කෙළිය ප්රාදේශීය සභාවට අයත් ගලි ටැක්ටරයකින් මලපහ අපද්රව්ය කාසල්රී ජලාශයට ජලය ගලා බසින දික්ඔය ඇළට මුදාහරිමින් සිටි බව කියන එම රථයේ රියදුරු සහ සහයකයා අද (01) සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ප්රදේශවාසීන්ගෙන් ලද තොරතුරක් මත හැටන් කොට්ඨාශ දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
මස්කෙළිය ප්රදේශයෙන් මලපහ අපද්රව්ය ට්රැක්ටරයට පටවාගෙන පැමිණ ඒවා දික්ඔය ඇළට මුදාහරිමින් සිටියදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා හැටන් මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව හැටන් පොලිසිය සඳහන් කළා.
















