හෝමාගම මහින්ද රාජපක්ෂ විද්යාලයේ ක්රීඩාංගණය නවීකරණය කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා.
තරුණ කටයුතු සහ ක්රීඩා අමාත්ය සුනිල් කුමාර ගමගේ මහතාගේ ප්රධානත්වයෙන් නවීකරණ කටයුතු ආරම්භ කර ඇති අතර, ඒ සඳහා තරුණ කටයුතු සහ ක්රීඩා අමාත්යාංශය විසින් රුපියල් මිලියන 9.4ක මුදලක් වැය කිරීමට නියමිතයි.
සිසුන් 6,500කට අධික පිරිසක් අධ්යාපනය ලබන මෙම විද්යාලයේ දැනට පවතින ක්රීඩාංගණය ක්රිකට් සහ මලල ක්රීඩා කටයුතු සඳහා භාවිත කළ හැකි අයුරින් නවීකරණය කිරීමට සැලසුම් කර තිබෙනවා.
එමෙන්ම ක්රීඩා තරග නැරඹීම සඳහා නැරඹුම් මැදිරියක්ද ක්රීඩාංගණ පරිශ්රයේ ඉදිකිරීමට යෝජනා වී තිබෙන බව සඳහන්.
මේ අතර, විද්යාලයේ මේස පන්දු ක්රීඩාව සංවර්ධනය කිරීම සඳහා අවශ්ය දායකත්වය ලබාදීමටද අවධානය යොමු කර ඇති බව අමාත්ය සුනිල් කුමාර ගමගේ මහතා සඳහන් කර තිබෙනවා.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන අරුණ පනාගොඩ, අසිත නිරෝශන් සහ දේවානන්ද සුරවීර යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.
















