මෙරට ලංකා සුපර් ඩීසල් (LSD) ලීටරයක මිල වසර තුනහමාරකට පමණ පසු නැවතත් රුපියල් 500 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.
නිල ඉන්ධන මිල දත්ත අනුව 2023 මාර්තු 02 වනදා සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 510කට අලෙවි වූ අතර, ඉන් අනතුරුව එහි මිල රුපියල් 500 සීමාවට වඩා පහළ මට්ටමක පැවතුණා.
2026 මැයි මාසයේ සිදුකළ ඉන්ධන මිල සංශෝධනයේදී සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 478ක් දක්වා ඉහළ ගොස් තිබූ අතර, පසුව සිදුකළ මිල සංශෝධන හමුවේ එය තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව ඊයේ (30) රාත්රියේ සිදුකළ ඉන්ධන මිල සංශෝධනයෙන් පසු සුපර් ඩීසල් ලීටරයක නව මිල රුපියල් 528ක් ලෙස සටහන් වී තිබෙනවා.
වත්මන් රජය බලයට පත්වීමෙන් පසු සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 500 සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙය බව වාර්තා වනවා.
















