රටේ නායකයා ලෙස අනුර කුමාර දිසානායක මහතා ජනතාවට බරක් නොවී බදු ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය බව පවසමින්, “මල නොතලා රොන් ගන්නා බඹරෙක් වෙන්න ඕනේ” ජනතාවට දැරිය නොහැකි අයුරින් බදු ගැසීම වැරදි බව සුරංගි සමරතුංග මහත්මිය සඳහන් කර තිබේ.
මෙම ආර්ථික සහ බදු ප්‍රතිපත්ති සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හා විවිධ සංවාද මණ්ඩප තුළ විවිධ අදහස් හුවමාරු වෙමින් පවතින අතර, ජනතාවගේ ජීවන තත්ත්වය සහ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය අතර තුලනයක් පවත්වා ගැනීම පිළිබඳව ද විවිධ පාර්ශ්වයන්ගේ අවධානය යොමුව තිබේ.















