කොළඹ කොටස් වෙළඳපොළේ අද (01) දින ගනුදෙනු අවසන් වන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 67.97කින් ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව සියලු කොටස් මිල දර්ශකය අද දිනය අවසානයේ ඒකක 21,880.90ක් ලෙස සටහන් වී තිබෙනවා.
මේ අතර, අද දිනයේ කොළඹ කොටස් වෙළඳපොළේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 1.4ක් ලෙස වාර්තා වූ බව කොළඹ කොටස් වෙළඳපොළ සඳහන් කළා.














