ගල්ගමුව ප්‍රදේශයේ සැරිසරන කාවන්තිස්ස ඇතාගේ වර්තමාන තත්ත්වය සහ ප්‍රතිකාර කටයුතු පිළිබඳ සොයාබැලීමට පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතා ඊයේ නිරීක්ෂණ චාරිකාවකට එක්ව තිබෙනවා.
ජ්‍යෙෂ්ඨ වනජීවි පශු වෛද්‍යවරුන් සහ අමාත්‍යාංශ නිලධාරීන් සමඟ සිදුකළ එම නිරීක්ෂණයේදී ඇතාගේ තත්ත්වය සම්බන්ධයෙන් නිරන්තර පසුවිපරමක් සිදුකරන ලෙස අදාළ වෛද්‍යවරුන්ට අමාත්‍යවරයා උපදෙස් ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.
පසුගිය දින කිහිපය තුළ ඇතාගේ තත්ත්වය පිළිබඳව සියුම්ව නිරීක්ෂණය කරමින් අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාදී තිබෙනවා.
සියඹලංගමුව වැව ආසන්නයේ වන ලැහැබක් තුළදී කාවන්තිස්ස ඇතා නිර්වින්දනය කර ඉදිරි දකුණු පාදයේ තිබූ තුවාලයට ප්‍රතිකාර ලබාදී ඇති අතර, ප්‍රතිජීවක ඖෂධද ලබාදී ඇති බව සඳහන්.
















