2026 ජනවාරි 1 සිට සැප්තැම්බර් 30 දක්වා කාලය තුළ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රු. බිලියන 2,040ක ආදායමක් රැස්කර තිබේ.
2025 වසරේ එම කාලය තුළ වාර්තා වූ රු. බිලියන 1,642ක ආදායමට සාපේක්ෂව මෙය රු. බිලියන 398ක වැඩිවීමකි.
2026 වසර සඳහා ඇස්තමේන්තු කර ඇති රු. බිලියන 2,401ක වාර්ෂික ආදායම් ඉලක්කයෙන් සැප්තැම්බර් 30 වන විට 85%ක් සපුරාගෙන තිබේ.
එමෙන්ම සැප්තැම්බර් මාසය තුළ පමණක් රු. බිලියන 288ක ආදායමක් රැස්කර ඇති අතර, එය 2025 සැප්තැම්බර් මාසයේ වාර්තා වූ රු. බිලියන 216ට වඩා රු. බිලියන 72ක වැඩිවීමකි.
















