ශ්රී ලංකාවට ආනයනය කරන මගී මෝටර් රථ සහ ත්රීරෝද රථ ටයර් සඳහා නව ශ්රී ලංකා ප්රමිතීන් අනිවාර්ය කර තිබේ.
ඒ අනුව මගී මෝටර් රථ ටයර් සඳහා SLS 1212 ප්රමිතියත්, ත්රීරෝද රථ සඳහා වන නියුමැටික් ටයර් සඳහා SLS 1347 ප්රමිතියත් අදාළ වේ.
මේ සම්බන්ධයෙන් 2026 අංක 08 දරන ආනයන හා අපනයන පාලන රෙගුලාසි යටතේ නව රෙගුලාසි හඳුන්වා දෙමින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
මෙම නව රෙගුලාසි 2027 ජනවාරි 1 වැනිදා හෝ ඉන් පසුව ශ්රී ලංකාවේ ඕනෑම වරායකට හෝ ගුවන් තොටුපළකට පැමිණෙන අදාළ ටයර් සඳහා බලපැවැත්වෙනු ඇත.
















