දකුණු කොරියාවේ සැප්තැම්බර් මාසයේ අපනයන පසුගිය වසරේ එම මාසයට සාපේක්ෂව සියයට 83.5කින් ඉහළ ගොස් ඇමරිකානු ඩොලර් බිලියන 120.9ක වාර්තාගත අගයක් දක්වා ඉහළ ගොස් තිබේ. එය එරට මාසික අපනයන ඉතිහාසයේ වාර්තාගත ඉහළම අගය වන අතර, පෙර වාර්තාව වූ ඩොලර් බිලියන 102.25ද ඉක්මවා ඇත.
මෙම වර්ධනයට ප්රධාන වශයෙන් අර්ධ සන්නායක අපනයන ඉහළ යාම බලපා තිබේ. සැප්තැම්බර් මාසයේ semiconductor අපනයන සියයට 262.8කින් ඉහළ ගොස් ඩොලර් බිලියන 60.3ක් වී ඇති අතර, එය සමස්ත අපනයනවලින් අඩකට ආසන්න ප්රමාණයකි. කෘත්රිම බුද්ධි තාක්ෂණය සඳහා අවශ්ය memory chips ඇතුළු semiconductor සඳහා ගෝලීය ඉල්ලුම ඉහළ යාම මෙම වර්ධනයට ප්රධාන හේතුවක් ලෙස සඳහන් වේ.
2026 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා දකුණු කොරියාවේ සමස්ත අපනයන ඩොලර් බිලියන 814.5ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය 2025 මුළු වසරේ වාර්තා වූ ඩොලර් බිලියන 709.7ක වාර්තාගත අපනයන අගයද ඉක්මවා ඇත. සැප්තැම්බර් මාසයේදී ඩොලර් බිලියන 49.85ක වෙළඳ අතිරික්තයක්ද වාර්තා වී තිබේ.
















