Dubai සිට Tel Aviv බලා පියාසර කරමින් තිබූ Flydubai FZ1073 යානයේදී පිහි ප්රහාරයකට ලක් වූ ඉන්දීය ගුවන් නියමු Captain Smit Machchhar මහතාගේ ක්රියාකලාපය සම්බන්ධයෙන් ඉන්දීය සහ ඊශ්රායල නායකයන් ප්රශංසා පළ කර තිබේ. ඊශ්රායල අගමැති Benjamin Netanyahu මහතා ඔහු “සැබෑ වීරයෙකු” ලෙස හඳුන්වා ඇති අතර, බරපතළ තුවාල ලැබුවද යානයේ සිටි පුද්ගලයන්ගේ ජීවිත ආරක්ෂා කිරීමට ඔහු කළ ක්රියාකලාපය අගය කර තිබේ. ඉන්දීය අගමැති Narendra Modi මහතාද Captain Machchhar “HERO” ලෙස හඳුන්වා තිබේ.
FZ1073 ගුවන් යානයේ cockpit එක තුළ pilot සහ co-pilot අතර සිදුවූ සිදුවීමකින් පසු යානයේ පාලනය සම්බන්ධයෙන් බරපතළ තත්ත්වයක් ඇති වී තිබූ බව වාර්තා වේ. යානය පසුව Saudi Arabia හි Tabuk ගුවන් තොටුපළ වෙත හදිසි ගොඩබෑමක් සිදු කර ඇති අතර, සියලුම මගීන් සහ කාර්ය මණ්ඩලය ආරක්ෂිතව සිටින බව Flydubai නිල වශයෙන් තහවුරු කර තිබේ.
සිද්ධියට සම්බන්ධ co-pilot යානය කඩා දැමීමට උත්සාහ කළ බවට ඊශ්රායල පාර්ශ්වයෙන් චෝදනා එල්ල වී ඇති නමුත්, එහි අරමුණ සහ සිද්ධියට හේතුව පිළිබඳ අවසන් තීරණයක් මෙතෙක් නිකුත් කර නොමැත. මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුවන බැවින් Flydubai විසින් ඊශ්රායලය වෙත සහ ඊශ්රායලයෙන් ක්රියාත්මක සියලුම ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා තිබේ.
















