සිරියාවේ Damascus ආසන්නයේ Tishreen තාප විදුලි බලාගාරයට ගෑස් සපයන නලයක සිදුවූ පිපිරීමක් හේතුවෙන් Deir Ali, Nasiriyah සහ Tishreen යන විදුලි බලාගාර තුනක් අක්රිය වී තිබේ. පිපිරීමෙන් අනතුරුව ඇති වූ ගින්න පාලනය කිරීම සඳහා සිවිල් ආරක්ෂක කණ්ඩායම් කටයුතු කර ඇති අතර, එම බලාගාර තුන අක්රිය වීම හේතුවෙන් රටේ විදුලි නිෂ්පාදනය තාවකාලිකව අඩුවී විදුලි කප්පාදු කාලය ඉහළ යා හැකි බව සිරියානු විදුලිබල සමාගම සඳහන් කරයි.
සිරියානු බලශක්ති අමාත්ය Mohammad al-Bashir මහතා පවසන්නේ Tishreen බලාගාරය ආසන්නයේ සිදුවූ ගෑස් නල පිපිරීමේ ගින්න මේ වනවිට පාලනය කර ඇති බවයි. ගින්න සම්පූර්ණයෙන් සිසිල් කිරීමෙන් පසු විශේෂඥ කණ්ඩායම් එම ස්ථානය පරීක්ෂා කර හානිය තක්සේරු කිරීමට නියමිතය. මේ අතර Deir Ali බලාගාරය යළි ක්රියාත්මක කිරීම සඳහා ගෑස් සැපයුම ක්රමයෙන් යථා තත්ත්වයට පත් කිරීම ආරම්භ කර තිබේ.
පිපිරීමට හේතුව මෙතෙක් නිශ්චිතව තහවුරු කර නොමැත. බලධාරීන් තාක්ෂණික දෝෂයක්, ප්රහාරයක් හෝ කඩාකප්පල්කාරී ක්රියාවක් ඇතුළු හැකියාවන් සම්බන්ධයෙන් විමර්ශනය කරමින් සිටී. මීට දින දෙකකට පෙර නැගෙනහිර සිරියාවේ Deir Ezzor ප්රදේශයේ ගෑස් නලයක සිදුවූ වෙනත් ගින්නක් sabotage ක්රියාවක් ලෙස සිරියානු බලධාරීන් සඳහන් කර තිබුණද, Tishreen සිද්ධිය එවැනි ක්රියාවක් බව මෙතෙක් තහවුරු කර නොමැත.
















