වස විස සහිත ක්රම භාවිත කර ඉදවන හෝ සකස් කරන ලද පලතුරු අලෙවි කරන වෙළෙඳුන්ට එරෙහිව ලබන 2027 අප්රේල් 1 වැනිදා සිට නීතිය දැඩිව ක්රියාත්මක කිරීමට කටයුතු කරන බව වෙළඳ අමාත්ය වසන්ත සමරසිංහ මහතා පවසයි. මේ බව ඔහු අද (1) කොළඹදී පැවති “වස විසෙන් තොර පලතුරු දරුවන්ට” ජාතික වැඩපිළිවෙළ ප්රකාශයට පත් කිරීමේ අවස්ථාවේදී සඳහන් කළේය.
අමාත්යවරයා සඳහන් කළේ අද සිට දිවයින පුරා පලතුරු වෙළඳසැල් සහ තොග බෙදාහරින්නන් ලියාපදිංචි කර දැනුවත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කරන බවයි. වස විස භාවිතයෙන් තොරව පලතුරු ඉදවීම, ගොවිපළවලින් පලතුරු නෙළීම සහ පාරිභෝගිකයා වෙත ආරක්ෂිතව බෙදාහැරීම සම්බන්ධයෙන් වෙළෙඳුන් දැනුවත් කිරීමටද නියමිත බව ඔහු පැවසීය.
තවද, ලබන මාර්තු මාසය වනවිට පාරිභෝගික කටයුතු අධිකාරිය මගින් වස විසෙන් තොර පලතුරු අලෙවි කරන ව්යාපාර හඳුනාගෙන විශේෂ සහතිකයක් ලබාදීමටත්, දිවයිනේ පලතුරු වෙළඳසැල් සිතියම්ගත කර QR කේතයක් හරහා එවැනි වෙළඳසැල් හඳුනාගත හැකි ක්රමවේදයක් සකස් කිරීමටත් සැලසුම් කර ඇති බව අමාත්යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
















