2026 වෙළෙඳසේවා මලල ක්රීඩා ශූරතාවේ සමස්ත ශූරතාව අඛණ්ඩව 8 වැනි වරටත් දිනාගැනීමට MAS සමූහය සමත්ව තිබේ. දියගම මහින්ද රාජපක්ෂ ක්රීඩාංගණයේ පැවති 41 වැනි වෙළෙඳසේවා මලල ක්රීඩා ශූරතාවේදී MAS ලකුණු 548ක් ලබාගත් අතර, SLT ලකුණු 306ක් ලබාගෙන අනුශූරතාව හිමිකර ගත්තේය.
MAS සමූහය රන් පදක්කම් 82ක්, රිදී පදක්කම් 99ක් සහ ලෝකඩ පදක්කම් 72ක් සමඟ සමස්ත පදක්කම් 253ක් දිනාගෙන තිබේ. මෙවර තරගාවලියට ක්රීඩක ක්රීඩිකාවන් 2,188 දෙනෙකු සහභාගි වී ඇති අතර තරග ඉසව් 338ක් පැවැත්වී තිබේ. නව තරග වාර්තා 27ක් ද බිහිව ඇත.
MAS කාන්තා කණ්ඩායම සමස්ත කාන්තා ශූරතාව, කාන්තා ප්රවීණ ශූරතාව සහ කාන්තා ආධුනික ශූරතාව දිනාගෙන තිබේ. වයස අවුරුදු 35ට වැඩි පිරිමි අංශයේ දක්ෂතම ක්රීඩකයා ලෙස MAS Fabric Park හි නදීර වියනගේත්, වයස අවුරුදු 30ට වැඩි කාන්තා අංශයේ දක්ෂතම ක්රීඩිකාව ලෙස Bodyline 1 හි උෂානි මධුෂිකාත් සම්මාන ලබාගෙන ඇත.
















