ශ්රී ලංකාව පසුගිය අගෝස්තු මාසයේදී පෞද්ගලික හා වාණිජ වාහන ආනයනය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 189ක් වැය කර ඇති බව ශ්රී ලංකා මහ බැංකු දත්ත පෙන්වා දෙයි.
එම වියදම 2025 වසරේ අගෝස්තු මාසයට සාපේක්ෂව සියයට 24.2කින් අඩුවී තිබේ.
එමෙන්ම ජූලි මාසයේදී වාහන ආනයනය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 241ක් වැය කර තිබූ අතර, ඒ අනුව අගෝස්තු මාසයේදී එම වියදම ජූලි මාසයට සාපේක්ෂව ඩොලර් මිලියන 52කින් පමණ පහළ ගොස් ඇත.
කෙසේ වෙතත්, 2026 වසරේ මුල් මාස අට තුළ වාහන ආනයනය සඳහා වැය කර ඇති මුළු මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 1,684ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පෙන්වා දී ඇත්තේ වාහන සඳහා ලබාදෙන ණය සම්බන්ධයෙන් සියයට 70ක උපරිම සීමාවක් පැනවීම සහ වාහන ආනයනයේදී අදාළ රේගු බද්දට අධිභාරයක් පැනවීම හේතුවෙන් වාහන ආනයනය සීමාවී ඇති බවයි.
එමෙන්ම ඉදිරි මාස තුන සඳහා වාහන ආනයනය කිරීමට විවෘත කර ඇති ණයවර ලිපි ප්රමාණයද අඩුවී ඇති බැවින් ඉදිරි මාසවලදී වාහන ආනයනය තවදුරටත් පහළ යා හැකි බව මහ බැංකු අධිපතිවරයා සඳහන් කර ඇත.
















