වාර්ෂිකව ඔක්තෝබර් මස 03 වන දිනට යෙදී ඇති ලෝක අමද්යප දිනය නිමිත්තෙන්, එදින දිවයින පුරා පිහිටි සියලුම සුරාසැල් වසා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව විසින් කටයුතු කරනු ලබයි.
මත්පැන් භාවිතය පාලනය කිරීම සහ ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් සෑම වසරකම ක්රියාත්මක කෙරෙන මෙම වැඩපිළිවෙළ යටතේ හෙට දින මත්පැන් අලෙවිසැල් සම්පූර්ණයෙන්ම වසා තැබෙනු ඇත.
















