ඩුබායි සිට ටෙල් අවීව් බලා පියාසර කරමින් තිබූ ෆ්ලයිඩුබායි ගුවන් යානයක නියමුවාට සහායක නියමුවා විසින් පහරදීමේ සිද්ධියට ඉරානයේ සම්බන්ධයක් ඇති බව විමර්ශනවලින් තහවුරු වුවහොත් ඉරානයට එරෙහිව දැඩි ප්රතිචාරයක් දක්වන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් පවසා තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකෙරෙමින් පවතින අතර, ඉරාන සම්බන්ධයක් පිළිබඳ අදහස් පළ කළේ තමන්ට ලැබෙන තොරතුරු මත බව ට්රම්ප් සඳහන් කර ඇත.
මේ අතර, ඉන්දියානු ජාතික ගුවන් නියමුවා වූ ස්මිත් මච්චාර්ට සිදුවූ පහරදීමෙන් පසු ඔහු තුවාල ලබා සිටියද යානයේ පාලනය යළි ලබාගැනීමට කටයුතු කළ බවත්, පසුව යානය සෞදි අරාබියේ ටබුක් ගුවන් තොටුපළට හදිසි ගොඩබෑමක් සිදුකළ බවත් වාර්තා වේ.
කෙසේ වෙතත්, මේ වනවිට මෙම සිදුවීමට ඉරානය සම්බන්ධ බවට නිල වශයෙන් තහවුරු වූ සාක්ෂි ප්රකාශයට පත්කර නොමැති අතර, සිද්ධියේ හේතුව සහ පසුබිම සම්බන්ධයෙන් විමර්ශන තවදුරටත් ක්රියාත්මකයි.














