කටුනායක පොලිස් වසමේ ගුරුගම සහ මෝලකන්ද ප්රදේශවලදී නීතිවිරෝධී මත්පැන් පෙරීමට යොදාගන්නා ගෝඩා ලීටර් 3,600ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (01) පස්වරුවේ කටුනායක පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් ලද තොරතුරක් මත වැටලීම් දෙකක් සිදුකර මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 34 සහ 57 වන මිනුවන්ගොඩ ප්රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය සඳහන් කරයි.
ගෝඩා ප්රමාණය බැරල් 20කට අයත් වන අතර, සිද්ධිය සම්බන්ධයෙන් කටුනායක පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.













