දිස්ත්‍රික්ක 12ක පවුල් 49,796කට අයත් පුද්ගලයින් 164,348 දෙනෙකු වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ඔක්තෝබර් 4 වැනිදා පෙරවරු 10.00ට නිකුත් කළ නිල වාර්තාවේ දැක්වේ.
වියළි කාලගුණයෙන් දැඩි බලපෑම් එල්ල වී ඇති ප්‍රදේශවල ජනතාවට පානීය ජලය ලබාදීමේ වැඩසටහන් ද ක්‍රියාත්මක බව එම වාර්තාව සඳහන් කරයි. බලපෑමට ලක්ව ඇති දිස්ත්‍රික්ක අතර අම්පාර, මඩකලපුව, මොනරාගල, බදුල්ල, පොළොන්නරුව, අනුරාධපුර, මාතලේ, හම්බන්තොට, වව්නියාව, මුලතිව්, මන්නාරම සහ යාපනය ඇතුළත් වේ.
මේ අතර, පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 17ක පවුල් 1,190කට අයත් පුද්ගලයින් 4,363 දෙනෙකු ද බලපෑමට ලක්ව ඇති බව DMC හි වෙනම තත්ත්ව වාර්තාවේ සඳහන් වේ.
















