දීර්ඝ කාලයක් පුරා මෙරට නිවැරදි නිවාස ප්රතිපත්තියක් නොමැතිකම හේතුවෙන් ජනතාව මුහුණ දුන් ගැටලු විසඳමින්, සියලු දෙනාට සුරක්ෂිත නිවසක් ලබා දීමේ ජාතික අරමුණ පෙරදැරිව මෙම ව්යාපෘතිය ක්රියාත්මක කර ඇත. දිස්ත්රික්ක සියල්ලම ආවරණය වන පරිදි කුරුණෑගල, මහනුවර, යාපනය, ගම්පහ, අනුරාධපුර සහ අම්පාර ඇතුළු ප්රදේශ රැසක ඉදිකළ මෙම නිවාස සංග්රහය තුළින් අඩු ආදායම්ලාභී පවුල්වල ජීවන තත්ත්වය නංවාලීමට මෙන්ම සමාජීය ස්ථාවරත්වය තහවුරු කිරීමට බලධාරීන් අපේක්ෂා කරයි.
මෙම අදියරට අමතරව කොළඹ පැල්පත්වාසී ජනතාව වෙනුවෙන් විශේෂ නිවාස ව්යාපෘති සහ උතුරේ නිවාස 2,500ක් ඉදිකිරීමේ කටයුතුද මේ වන විට සාර්ථකව ආරම්භ කර තිබේ. ඉදිරි දෙසැම්බර් 31 වනදා වන විට සමස්ත නිවාස 30,000කට අධික සංඛ්යාවක් ජනතා අයිතියට පත් කිරීම රජයේ අපේක්ෂාව වන අතර, මෙම ජාතික වැඩපිළිවෙළ හරහා මෙරට නිවාස අර්බුදයට තිරසාර සහ දීර්ඝකාලීන විසඳුම් ලැබෙනු ඇතැයි රජය විශ්වාසය පළ කරයි.
















