පිලිපීනයේ මැනිලා නුවර පැවති Mrs Tourism World 2026 තරගාවලියේ ප්‍රධාන කිරුළ ශ්‍රී ලංකාව නියෝජනය කළ නිමේෂා ප්‍රේමචන්ද්‍ර මහත්මිය දිනාගෙන ඇති බව වාර්තා වේ.
රටවල් 20ක විවාහක සංචාරක රූ රැජිනියන්ගේ සහභාගීත්වයෙන් පැවති මෙම තරගාවලිය සැප්තැම්බර් 24 වැනිදා සිට ඔක්තෝබර් 2 වැනිදා දක්වා පැවැති බව සඳහන් වේ. තරගාවලිය පුරා පැවති අනු තරග කිහිපයකද ජයග්‍රහණ හිමිකර ගැනීමට නිමේෂා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සමත්ව ඇති බව වාර්තා වේ.
මේ අතර තරගාවලිය සඳහා ඇය සමඟ සහභාගී වූ ඇගේ සැමියා වන මලිත් ගිහාන් විතාන මහතා “Best Supporting Husband” සම්මානයෙන් පිදුම් ලබා තිබේ. ජයග්‍රාහී නිමේෂා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සහ මලිත් ගිහාන් විතාන මහතා අද (5) අලුයම සිංගප්පූරු ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇති බවද වාර්තා වේ.














