හම්බන්තොට, තංගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වල්ගම්එළිය ප්‍රදේශයේ පෝෂිත ඇළ සංවර්ධනය කිරීමේ කටයුතු අද (5) ආරම්භ කළ බව වාර්තා වේ.
හම්බන්තොට පළාත් වාරිමාර්ග කාර්යාලයේ ප්‍රතිපාදන හා අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 14.56ක මුදලක් වැය කිරීමට නියමිතය.
එම වාර්තාවට අනුව ව්‍යාපෘතිය මෙම වසර අවසන් වීමට පෙර නිම කිරීමට සැලසුම් කර ඇති අතර, වල්ගම්එළිය ප්‍රදේශයේ ජනතාවගේ කෘෂිකාර්මික කටයුතු සඳහා මෙම වාරිමාර්ග ව්‍යාපෘතිය වැදගත් වනු ඇතැයි සඳහන් වේ.
















