ශ්‍රී ලංකාවේ ප්‍රධාන සංවර්ධන හවුල්කරුවෙකු වන ආසියානු සංවර්ධන බැංකුව සමඟ 2026–2029 කාලසීමාවට අදාළ මෙරට සංවර්ධන සැලසුම් පිළිබඳව සාකච්ඡාවක් පැවැත්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක සහ ශ්‍රී ලංකාවේ ADB Country Director Shannon Cowlin මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවති බව වාර්තා වේ. ADB විසින් ශ්‍රී ලංකාව සඳහා මධ්‍යකාලීන සංවර්ධන සහ මූල්‍ය වැඩසටහන් ක්‍රියාත්මක කරමින් සිටින අතර, 2027 වසරට අදාළ වැඩසටහන් සමාලෝචනය කිරීමද සිදු කෙරෙමින් පවතී.
ADB ආධාර මත ක්‍රියාත්මක වැඩසටහන් සඳහා රජයේ හිමිකාරිත්වය තහවුරු කිරීම, රාජ්‍ය ආයතන සහ ADB ක්‍රියාවලි අතර කාර්යක්ෂම සම්බන්ධීකරණයක් පවත්වා ගැනීම සහ සීමිත මූල්‍ය හා තාක්ෂණික සම්පත් ඵලදායී ලෙස භාවිත කිරීම පිළිබඳවද අවධානය යොමු වූ බව සඳහන් වේ.














