පළිබෝධ හානිවලින් පන්දලම් බෝග ආරක්ෂා කර ගැනීම සඳහා බෝග ආවරණ භාවිත කරන ආරක්ෂිත වගා ක්රමයක් හඳුන්වාදීමේ ක්ෂේත්ර දින වැඩසටහනක් රනෝරාව, අලියා විද්ද වැව ප්රදේශයේදී පැවැත්වී තිබේ.
ඉපලෝගම කලාපයේ කෘෂිකර්ම නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවති මෙම වැඩසටහනේදී වැටකොළු, පතෝල සහ කරවිල ඇතුළු Cucurbitaceae කුලයට අයත් පන්දලම් බෝග සඳහා බෝග හා ඵල ආවරණ භාවිත කරන ආකාරය ප්රායෝගිකව හඳුන්වා දී තිබේ. බෝග වර්ධනයේ ආරම්භක අවස්ථාවේදී පළිබෝධ සහ වෛරස් රෝගවලට ඇති අවදානම හේතුවෙන් මෙම ක්රමය හඳුන්වාදීම වැදගත් බව කෘෂිකර්ම බලධාරීන් පෙන්වා දී ඇත.
බෝග ආවරණ මගින් කෘමි පළිබෝධ බෝග වෙත ළඟාවීම භෞතිකව සීමා කළ හැකි අතර, ඇතැම් වෛරස් රෝග වාහකයන් පාලනය කිරීමටද එවැනි ආවරණ ප්රයෝජනවත් විය හැකි බව පර්යේෂණවලින් පෙන්වා දී තිබේ. එම ක්රමය පුළුල් ලෙස භාවිත කිරීම මගින් කෘෂිරසායන භාවිතය සහ ඒ සඳහා වන වියදම් අඩු කර ගැනීමට හැකියාවක් පවතින බවද කෘෂිකර්ම අංශය පවසයි.














