පස් හා ගල් දුම්රිය මාර්ගයට වැටීමෙන් පසු තාවකාලිකව අත්හිටුවා තිබූ රඹුක්කන සිට පේරාදෙණිය දක්වා දුම්රිය ධාවනය අද (5) පස්වරුවේ යළි ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
අද අලුයම කඩිගමුව හා ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථාන අතරදී පේරාදෙණිය සිට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රියක් මතට පස් සහ ගල් කඩා වැටීමෙන් එම දුම්රිය පීලිපැනීමට ලක්ව තිබේ. ඒ හේතුවෙන් රඹුක්කන සිට පේරාදෙණිය දක්වා දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටුවා තිබුණි.
දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු අවසන් අදියරේ පවතින බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත. ඒ අනුව අද පස්වරු 4.35ට කොළඹ කොටුවෙන් ගම්පොළ බලා ධාවනය වන දුම්රියත්, පස්වරු 5.15ට කොළඹ කොටුවෙන් පේරාදෙණිය බලා ධාවනය වන දුම්රියත් ධාවනය කිරීමට සැලසුම් කර තිබේ.
















