ප්‍රකාශයක් ලබාදීමට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණෙන ලෙස දැනුම් දී ඇති පසුබිමක, රෝගී තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනීම සඳහා විදෙස්ගතව සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ විසින් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට අද (05) අපේක්ෂිත ඇප අයැදුම්පත්‍රයක් නීතිඥවරයෙකු මඟින් ඉදිරිපත් කර තිබේ.
විදෙස්ගතව සිට යළි දිවයිනට පැමිණීමේදී ගුවන්තොටුපොළේදී තමන්ව අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් පවතින බැවින්, ඕනෑම ඇප කොන්දේසියක් යටතේ තමන්ව ඇප මත මුදාහරින ලෙස ඉල්ලමින් මාලිගාකන්ද මහේස්ත්‍රාත් ජනනි පෙරේරා මහත්මිය හමුවේ මෙම අයැදුම්පත්‍රය ඉදිරිපත් කර ඇති අතර, එහි වගඋත්තරකරු ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා නම් කර ඇත.
















