ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට පත් සංවිධානාත්මක අපරාධ සහ මත්ද්රව්ය ජාවාරම්කරුවෙකු වන නිර්මල ප්රසංග නොහොත් ‘බැකෝ සමන්’ට අයත් බව කියන රුපියල් මිලියන 40ක් වටිනා දේපළ සහ බැංකු ගිණුම් ක්රියාවිරහිත කිරීමේ නියෝගයක් පොලිසියේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් නිකුත් කර තිබේ.
මෙම නියෝගය ඔක්තෝබර් 05 වන දින සිට වැඩ කරන දින 14ක් සඳහා බලපැවැත්වෙන අතර, ඊට රුපියල් මිලියන 20ක් වටිනා අධි සුඛෝපභෝගී බෙන්ස් රථයක් සහ පෞද්ගලික බැංකු දෙකක ඇති රුපියල් මිලියන 20ක ස්ථාවර ගිණුම් තැන්පතු දෙකක් ඇතුළත් වේ. නිමන්ති ෆොන්සේකා නමැති කාන්තාවකගේ නමින් අදාළ දේපළ මිලදී ගෙන ඇති බවට අනාවරණය වී ඇති අතර, නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ අධ්යක්ෂ, ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරී සී.ඩබ්ලිව්. වික්රමසේකර මහතාගේ අධීක්ෂණයෙන් වැඩිදුර විමර්ශන ක්රියාත්මක වේ.














