ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ සහ ඔහුගේ පවුලේ අය ඉලක්ක කර ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ අපහාසාත්මක සහ අසත්‍ය ප්‍රචාර දියත් වෙමින් පවතින බව එම පක්ෂයේ දේශපාලන ක්‍රියාකාරී පසන් කස්තුරිආරච්චි පවසයි. අද (05) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ, ජනාධිපති අනුර කුමාර දිසානායක ප්රමුඛ ආණ්ඩුවට නාමල් රාජපක්ෂ ප්‍රබල අභියෝගයක් වීම හේතුවෙන් මෙම මඩ ප්‍රහාර එල්ල කරන බවයි.
විපක්ෂයේ සිටින අභියෝගාත්මකම නායකයා ලෙස, නාමල් රාජපක්ෂගේ ප්‍රතිරූපයට හානි කිරීම වෙනුවෙන් ආණ්ඩුව මෙම කටයුතු සිදු කරමින් සිටින බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. නාමල් රාජපක්ෂ තුළින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂව මිනිසුන් දකින බව පෙන්වා දුන් දේශපාලන ක්රියාකාරීවරයා, තීරණ ගන්නා විටදී පමණක් නොව රැවුලෙන්, කටහඬින්, වැඩවලින් සහ බය නැතිකම යන දේවලින් මහින්ද රාජපක්ෂව නැවත නාමල් හරහා දකිනා විට ආණ්ඩුව දැඩි භීතියට පත්ව ඇති බව ප්‍රකාශ කර සිටියේය.














