දෙරට අතර පැවති ජාත්‍යන්තර පාපන්දු මිත්‍රශීලී තරගයේදී 3ට 2ක් ලෙස මොරිෂස් කණ්ඩායම පරදවමින් විශිෂ්ට ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
පළමු තරගයේ පරාජයෙන් පසු ප්‍රබල ලෙස යළි පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම මෙම ජය වාර්තා කළේ තමන්ට වඩා ෆීෆා (FIFA) ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියෙන් සිටින මොරිෂස් කණ්ඩායම පරදවමිනි. ෆීෆා ශ්‍රේණිගත කිරීම්වල මොරිෂස් 178 වැනි ස්ථානයේ පසුවන අතර, ශ්‍රී ලංකාව පසුවන්නේ 187 වැනි ස්ථානයේය.














