ඉරානය සම්බන්ධයෙන් පවතින ආරක්ෂක අවදානම හමුවේ, එක්සත් ජනපදය විසින් එක්සත් රාජධානියේ RAF ෆෙයාර්ෆර්ඩ් ගුවන් කඳවුරේ රඳවා තිබූ B-1 වර්ගයේ බෝම්බ හෙලන ගුවන් යානා ඉවත් කර ගැනීමට පියවර ගෙන තිබේ.
එක්සත් රාජධානියේ බටහිර ප්රදේශයේ පිහිටි ෆෙයාර්ෆර්ඩ් කඳවුරෙන් මෙම ගුවන් යානා ඉවත් කිරීම, ඉරානයෙන් එල්ල විය හැකි ප්රහාරයක් පිළිබඳව පවතින ආරක්ෂක කනස්සල්ල හේතුවෙන් ගත් හදිසි පියවරක් ලෙස වාර්තා වන අතර, B-1 බෝම්බ හෙලන යානා කිහිපයක් එම කඳවුරෙන් පිටත්ව එක්සත් ජනපදය බලා ගමන් කර ඇති බවට වාර්තා පළ වී ඇත. කලාපයේ වර්ධනය වන ආරක්ෂක තත්ත්වය හමුවේ අමෙරිකානු හමුදා යෙදවීම් සම්බන්ධයෙන් මේ වන විට දැඩි අවධානයක් යොමුව තිබේ.කෙසේ වෙතත් ඉරානය එම චෝදනා ප්රතික්ෂේප කර තිබේ.














