ජාතික ජන බලවේගයේ (NPP) ප්‍රතිපත්තිවලට පටහැනි වන්නේ නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) යෝජනා ක්‍රියාත්මක කිරීමට රජය බැඳී නොමැති බව කර්මාන්ත හා ව්‍යවසායක සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ජාත්‍යන්තර ඉන්ධන මිල වෙනස්වීම්වලට සමානුපාතිකව දේශීය ඉන්ධන මිල සංශෝධනය කරන ලෙස සහ පිරිවැය ප්‍රතිසාධන බලශක්ති මිලකරණයක් පවත්වාගෙන යන ලෙස රජයෙන් ඉල්ලා ඇති පසුබිමක නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. ජනතාවට සහන සැලසීමේ අරමුණින් තීරණ ගැනීමේ අයිතිය රජය සතු වන අතර, ප්‍රාථමික ශේෂය පවත්වා ගැනීම, රාජ්‍ය ආදායම වැඩි කිරීම සහ රාජ්‍ය ණය කළමනාකරණය වැනි ප්‍රධාන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් මූල්‍ය අරමුදල සමඟ එකඟතාවක පවතින බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.













