මේ වසර අවසන් වන විට කළුතර දිස්ත්රික්කය තුළ තාවකාලිකව ‘අටවන’ ලද නිවාස කිසිවක් ඉතිරි නොවන බව මාලිමා මන්ත්රිනී නිලන්ති කොට්ටහච්චි පවසයි.
නිවාස 5,000ක් බෙදා දීමේ ජාතික වැඩසටහන යටතේ කළුතර දිස්ත්රික්කයේ නිවාස කිහිපයක් බෙදා දීමේ උත්සවයකට එක්වෙමින් මන්ත්රීවරිය මෙම අදහස් පළ කළ අතර, ගෙවල් ඇතුළේ තාවකාලිකව අටවගෙන ජීවත් වන පිරිස් තවදුරටත් සිටින්නේ ඉතා ස්වල්පයක් පමණක් බවත්, වසර අවසන් වීමට පෙර එම තත්ත්වය සම්පූර්ණයෙන්ම විසඳන බවත් ඇය අවධාරණය කළාය.














