හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මියට ඔක්තෝබර් 13 වැනිදා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) හමුවේ පෙනී සිටින ලෙස පොලිසිය දැනුම් දී තිබෙනවා.
විදෙස්ගතව සිටි ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඊයේ (05) රාත්‍රියේ මැලේසියාවේ ක්වාලාලාම්පූර් නුවර සිට මැලේසියානු ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් මෙරටට පැමිණ තිබුණා.
ඇය කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් පිටවීම සඳහා විශේෂ අමුත්තන් සඳහා වූ ගෝල්ඩ් රූට් පහසුකම භාවිත කර ඇති බව සඳහන්.
පසුගිය සැප්තැම්බර් 16 වැනිදා වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා ඇය සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබූ අතර, FCIDය විසින් සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදෙන ලෙස මීට පෙර ඇයට දැනුම් දී තිබුණා.
මේ අතර, තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඊයේ මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත අපේක්ෂිත ඇප අයදුම්පතක්ද ඉදිරිපත් කර තිබෙනවා.














