අධික වර්ෂාවත් සමඟ පාලමක කොටසක් කඩා වැටීම හේතුවෙන් ගලහ – දෙල්තොට මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම ඇනහිට තිබෙනවා.
පේරාදෙණිය – දෙල්තොට මාර්ගයේ ගල්ඔය කණුව බෝක්කුවේ සංවර්ධන කටයුතු සිදුවෙමින් පවතින අතරතුර පැවති අධික වර්ෂාවත් සමඟ එහි දකුණු ඉවුරු කොටස කඩා වැටී ඇති බව සඳහන්.
මේ හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමනය මේ වන විට සම්පූර්ණයෙන්ම නතර වී තිබෙනවා.
එබැවින් එම මාර්ගය භාවිත කරන රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය දැනුම් දෙනවා.














