පොලිස්පතිවරයාගේ උපදෙස් මත දිවයින පුරා ක්‍රියාත්මක කරනු ලබන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් යටතේ විශේෂ මෙහෙයුම් රැසක් ක්‍රියාත්මක කර තිබෙනවා.
ඒ අනුව කොට්ඨාස මට්ටමින් සියලුම ප්‍රාදේශීය පොලිස් ස්ථාන ආවරණය වන පරිදි සිදුකළ මෙහෙයුම්වලදී 2026 ඔක්තෝබර් 06 වැනිදා වන විට පුද්ගලයින් 27,112 දෙනෙකු පරීක්ෂාවට ලක්කර තිබෙනවා.
එහිදී සැකපිට පුද්ගලයින් 483 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, අපරාධ සම්බන්ධයෙන් සෘජුව හඳුනාගත් පුද්ගලයින් 23 දෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
තවද, අත්අඩංගුවට ගෙන ඇති දින වරෙන්තුකරුවන් 314 දෙනෙකු සහ විවෘත වරෙන්තුකරුවන් 231 දෙනෙකුද මෙම මෙහෙයුම් අතරතුර අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කරනවා.
මේ අතර බීමත් රියදුරන් 301 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, අපරික්ෂාකාරී ලෙස රිය පැදවීම සම්බන්ධයෙන් පුද්ගලයින් 135 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මීට අමතරව, රථවාහන සම්බන්ධ වෙනත් වැරදි සඳහා පුද්ගලයින් 4,390 දෙනෙකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරනවා.














