ගිනිගත්හේන නගරයේදී සිදුකළ විශේෂ හදිසි රථවාහන පරීක්ෂාවකදී ත්රීරෝද රථ ඇතුළු වාහන 22ක් තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.
ගිනිගත්හේන පොලිස් රථවාහන අංශයේ නිලධාරීන් සහ නුවරඑළිය දිස්ත්රික් මෝටර් රථ පරීක්ෂකවරයාගේ සහයෝගයෙන් ඊයේ (05) රාත්රියේ මෙම මෙහෙයුම සිදුකර ඇත.
එහිදී වාහන 44ක් පරීක්ෂාවට ලක්කර ඇති අතර, ඉන් වාහන 22ක විවිධ අඩුපාඩු හඳුනාගෙන ධාවනයෙන් ඉවත් කර තිබේ.
වාහනවල මුල් ආකෘතිය වෙනස් කර අවදානම් සහිත අමතර කොටස් සවි කිරීම, නිසි නඩත්තුවක් නොමැති වීම, යාන්ත්රික දෝෂ සහ අතිරේක විදුලි ලාම්පු සවි කිරීම වැනි අඩුපාඩු හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව නුවරඑළිය දිස්ත්රික් ප්රධාන මෝටර් රථ පරීක්ෂක ජාලිය බණ්ඩාර මහතා සඳහන් කර ඇත.
ධාවනයෙන් ඉවත් කළ වාහනවල ආදායම් බලපත්ර මෝටර් රථ පරීක්ෂකවරුන් භාරයට ගෙන ඇති අතර, අදාළ අඩුපාඩු නිවැරදි කර නැවත පරීක්ෂාවට ඉදිරිපත් කරන තෙක් එම වාහන ධාවනය කිරීම තහනම් කර තිබේ.














