ඇමරිකානු තැපැල් සේවයට (USPS) ඩොලර් මිලියන 126කට වැඩි පාඩුවක් සිදු කළ බව කියන ව්‍යාජ තැපැල් ගාස්තු ලේබල් ජාවාරමක් සම්බන්ධයෙන් පාකිස්තාන ජාතිකයෙකුට එරෙහිව ඇමරිකාවේදී චෝදනා ගොනු කර තිබේ.
Faheem Akram නමැත්තා අනුමැතියකින් තොර වෙබ් අඩවියක් පවත්වාගෙන යමින්, ඇමරිකානු තැපැල් සේවයේ ව්‍යාජ තැපැල් ලේබල් අන්තර්ජාලය හරහා අඩු මිලකට අලෙවි කළ බවට ඇමරිකානු බලධාරීන් චෝදනා කරයි.
මෙම ජාවාරමට ව්‍යාජ තැපැල් ලේබල් මිලියන 5.1කට වැඩි ප්‍රමාණයක් සම්බන්ධ වී ඇති අතර, එමඟින් USPS වෙත ඩොලර් මිලියන 126කට වැඩි පාඩුවක් සිදුව ඇති බව සඳහන් වේ.
අදාළ වෙබ් අඩවිය හරහා බර, ප්‍රමාණය හෝ ගමනාන්තය නොසලකා එක් ලේබලයක් ඇමරිකානු ඩොලර් 2ක් වැනි අඩු මිලකට අලෙවි කර ඇති බවටද චෝදනා එල්ල වී තිබේ.
බලධාරීන් විසින් අදාළ වෙබ් අඩවිය වසා දමා එහි ඩොමේන් නාමයද අත්පත් කරගෙන ඇති අතර, Akram මේ වනවිටත් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය පුද්ගලයෙකු ලෙස නම් කර තිබේ.
ඔහු අත්අඩංගුවට ගැනීමට සහ වරදකරු කිරීම සඳහා උපකාරී වන තොරතුරු ලබාදෙන පුද්ගලයෙකුට ඇමරිකානු ඩොලර් 100,000ක් දක්වා ත්‍යාගයක් ලබාදීමට ඇමරිකානු තැපැල් පරීක්ෂණ සේවය කටයුතු කර ඇත.















