තලංගම පොලිස් වසමේ තලවතුගොඩ ප්රදේශයේ නිවසක රැඳී සිටිමින් පරිගණක සහ ජංගම දුරකතන භාවිත කර අන්තර්ජාලය ඔස්සේ නීතිවිරෝධී ලෙස මුදල් ඔට්ටුවට සූදු ක්රීඩා සිදුකරන බවට ලැබුණු තොරතුරක් මත තලංගම පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.
ඒ අනුව කඩුවෙල මහෙස්ත්රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත අපරාධ වාර්තා කොට්ඨාසය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ අංශය සහ පොලිස් සංචාරක කොට්ඨාසයේ නිලධාරීන්ගේ සහය ඇතිව ඊයේ (05) එම නිවස පරීක්ෂා කර ඇත.
එහිදී නිවසේ රැඳී සිටි ඉන්දීය ජාතික සැකකරුවන් අටදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, පරිගණක යන්ත්ර 06ක්, ජංගම දුරකතන 39ක් ඇතුළු පරිගණක උපාංග රැසක්ද පොලිස් භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 22ත් 51ත් අතර පසුවන ඉන්දීය ජාතිකයින් බව පොලිසිය සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් තලංගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
















