ඉස්ලාම් දහමට අපහාස කළේ යැයි චෝදනා ලබා සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට අදාළ නඩුව ලබන 23 වැනිදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ.
මෙම නඩුව අද (06) කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී. රාගල මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.
වරෙන්තුවක් මත අත්අඩංගුවට ගෙන සිටි ඥානසාර හිමියන් බන්ධනාගාර නිලධාරීන් විසින් ගිහි ඇඳුමින් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහාධිකරණ විනිසුරුවරයා නඩුව ලබන 23 වැනිදා යළි කැඳවීමට නියෝග කර ඇත.
















