Samsung සමාගම සිය නවතම Vision AI තාක්ෂණයෙන් යුත් Mini LED රූපවාහිනී නිෂ්පාදන පෙළ ශ්‍රී ලංකා වෙළෙඳපොළට හඳුන්වා දී තිබේ.
උසස් රූප රාමු ගුණාත්මකභාවය, AI මගින් ක්‍රියාත්මක වන විශේෂාංග, ආකර්ෂණීය ශබ්ද රටා සහ නවීන gaming හැකියාවන් සමඟින් මෙම නව Mini LED TV නිෂ්පාදන පෙළ හඳුන්වා දී ඇත.
මෙම නිෂ්පාදන පෙළට ප්‍රධාන වශයෙන් අඟල් 75 සහ අඟල් 85 තිර ප්‍රමාණ සහිත මාදිලි දෙකක් ඇතුළත් වන අතර, අඟල් 75 UA75M70HARXSG මාදිලිය රුපියල් 649,999ක මිලකටත්, අඟල් 85 UA85M70HARXSG මාදිලිය රුපියල් 839,999ක මිලකටත් මිලදී ගත හැකි බව Samsung සඳහන් කරයි.
මෙහි ප්‍රධාන විශේෂාංගයක් වන්නේ NQ4 AI Gen2 Processor එක වන අතර, එමගින් තිරයේ දර්ශන සහ ශබ්ද ස්වයංක්‍රීයව විශ්ලේෂණය කර වඩාත් පැහැදිලි සහ ගුණාත්මක අත්දැකීමක් ලබාදීමට කටයුතු කරයි.
Samsung හි නවීන Mini LED තාක්ෂණය හරහා ආලෝක පාලනය වඩාත් නිවැරදිව සිදුකරන අතර, Pure Spectrum තාක්ෂණය මගින් ස්වභාවික වර්ණ වඩාත් සජීවී ලෙස තිරය මත ප්‍රතිනිර්මාණය කිරීමට හැකියාව ලබාදෙයි.
මීට අමතරව Dolby Vision සහ Dolby Atmos තාක්ෂණයන්, Variable Refresh Rate (VRR) සහ Auto Low Latency Mode (ALLM) ඇතුළු gaming සහ විනෝදාස්වාද අත්දැකීම් වැඩිදියුණු කරන විශේෂාංග රැසක්ද මෙම TV නිෂ්පාදන පෙළට ඇතුළත් කර තිබේ.
Samsung ශ්‍රී ලංකා සහ මාලදිවයින සඳහා පාරිභෝගික ඉලෙක්ට්‍රොනික අංශයේ අධ්යක්ෂ/ප්‍රධානී Sabry Ansar මහතා සඳහන් කර ඇත්තේ, ලෝක මට්ටමේ නවීන තාක්ෂණයන් ශ්‍රී ලාංකික පාරිභෝගිකයන් වෙත හඳුන්වාදීම Samsung සමාගමේ අරමුණක් බවයි.
මෙම නව Mini LED TV දිවයින පුරා Samsung බලයලත් අලෙවි නියෝජිතයන් මෙන්ම Singer Sri Lanka, Singhagiri සහ Damro ප්රදර්ශනාගාර හරහා මිලදී ගත හැකි අතර, තෝරාගත් අලෙවිසැල්වල විශේෂ වට්ටම් සහ වාරික ගෙවීම් පහසුකම්ද ලබාගත හැකිය.















