ශ්‍රී ලංකාවේ වසරකට පියයුරු පිළිකා රෝගීන් 6,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වන බව ජාතික පිළිකා මර්ධන වැඩසටහන පවසයි.
එහි අධ්‍යක්ෂ වෛද්‍ය සේනක තලගල මහතා සඳහන් කළේ, පියයුරු පිළිකාව මෙරට කාන්තාවන් අතර බහුලව දක්නට ලැබෙන පිළිකාවක් බවයි.
කොළඹ නගර සභාවේ පැවති පිළිකා මර්ධන වැඩසටහනකට එක්වෙමින් ඔහු පැවසුවේ, වසරකට පියයුරු පිළිකා හේතුවෙන් පුද්ගලයින් 1,000කට අධික පිරිසක් මියයන බවයි.
ඒ අනුව දෛනිකව නව පියයුරු පිළිකා රෝගීන් 17 දෙනෙකු පමණ හඳුනාගන්නා අතර, තිදෙනෙකු පමණ මියයන බව වෛද්‍යවරයා සඳහන් කළේය.
පියයුරු පිළිකාව කල් ඇතිව හඳුනාගැනීම, නිසි ප්‍රතිකාර ලබාගැනීම සහ රෝගීන් නිසි පසු විපරමකට හා රැකවරණයකට යොමු කිරීම ඉතා වැදගත් බවද ඔහු අවධාරණය කළේය.
එමෙන්ම රෝග ලක්ෂණ පැහැදිලිව පෙනී තිබියදීත් බොහෝ රෝගීන් ප්‍රමාද වී රෝහල් වෙත පැමිණීම හේතුවෙන් ප්‍රතිකාරවලින් සාර්ථක ප්‍රතිඵල ලබාගැනීම අසීරු වන බවද වෛද්‍ය සේනක තලගල මහතා පෙන්වා දුන්නේය.
















